Wednesday, February 22, 2012

පෙරවදන..

ක්‍රිස්තියානි ආගමෙහි පදනම බයිබලයි..බයිබලය යනු ජේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ දහම විග්‍රහ කරන ඓතිහාසික ග්‍රන්තයකි. බයිබලයෙහි ඓතිහාසික තොරතුරු සපයන සාක්ෂිකරුවෝ සතර දෙනෙකි.. ශුභාරංචිකරුවන් හෙවත් අපොස්තල්වරුන් වශයෙන් හදුන්වන ලබන මොවුහු. මැතිව්, මාක්, ලූක්, සහ ජෝන් (යොහාන්) නම් වෙති..ක්‍රිස්තියානි බැතිමත්හු බයිබලය දේව වාක්‍ය වශයෙන් විශ්වාස කරති.
  ක්‍රිස්තියානි , බෞද්ධ , හින්දු සහ මහමදික බැතිමත්හු ලංකාවේ වෙසෙති...සායි බබා අදහන කල්ලියක්ද වෙයි..
බියෙන් තැතිගත් මිනිස්සු ගස්වල පිහිට පතන බව ධම්ම පද ගාථාවක සදහන් වෙතත් බොහෝ මිනිස්සු බෝ ගස් වල පිහිට පතති.ඉන්දියාවේ මි,වදුරු,ගොන් හා සර්ප කොවිල් තිබේ. බැතිමත්හු මේ කෝවිල් වලට ගොස් රැකියා දියුණුව. ගොවිතැන්වල සශ්‍රිකභාවය, රෝදුක්වලින් මිදීම ආදිය පතා මීයන්,වදුරන් බදු සතුන්ට කන්නලව් කරති‍
 දෙමව්පියන් විසින් හො අවශේෂ ජනයා විසින් හෝ දෙපාර්ශවයම විසින් හෝ කුඩා කල සිටම ඇදහීමට පුරුදු පුහුණු කරණ ලද තරුණ තරුණියන් විභාග සමත්වීමට ,සතුන්ගේ හෝ බූතයන්ගේ හෝ පිහිට ඉල්ලන්නේ ප්‍රසිද්ධියේමය.පුරාණ ලංකාවේ කිසියම් පිරිසක් හරකුන්ගේ පිහිට පතා ඇති බව රත්මලානේ හා වත්තල ප්‍රදේශයේ ඇති ගොනාකෝවිල ග්‍රාමනාමය සාක්ෂි දරයි..පොලොන්නරුවේ ඇති ශිව දේවාලයේ නටඹුන් ගැහැණුන් පුරුෂ ලිංගවලට වැදුම් පිදුම් පුද පූජා පැවැත්වූ  බව සාක්ෂි දරයි..
                             බුදුන් වදාල පරිදි ඇදහීම අගය කල යුතු දෙයක් නොවේ.අගය කල යුත්තේ විමර්ශණයයි. විමර්ශණය යනු කුමක්දැයි බුදුන් වහන්සේ භික්ෂුන් හමුවේ ගෙනහැර දැක්වු පහත උපමාවෙන් පැහැදිලි වේ..
*මහණෙනි, දක්ෂ රන් කරුවෙකු උණුකිරීමෙන් හා උරගලෙහි ඇතිල්ලීමෙන් රත්තරන්වල් නියම ස්වභාවය දැන ගන්නා පරිදි විචාරාත්මක පරීක්ෂාවෙකින් මිස මා කෙරෙහි ඇති ගෞරවය නිසා මගේ ධර්ම් පිලි නොගත යුතුය.*   
                             බයිබලයේ සදහන් ක්‍රිස්තියානි  ශුභාරංචිකරුවන්ගේ සාක්ෂි පිළිබද ව විචාරයන්හි නිරත වූවෝ සිටිති.පළමුවෙන්ම බයිබලය විමර්ශණ කරමින් ශුභාරංචිකරුවන්ගේ සාක්ෂි විමසන ලද්දේ ජර්මන් ජාතික පිරිසක් විසිනි.කොන්ස්ටන්ටයින් ටිචන්ඩොෆ් (Constantin Tichendorf 1815-1874) ඔවුනතරින් කෙනෙකි.ටිචන්ඩොෆ් ශුභාරංචි කරුවන්ගේ අති පිටපත් සෙවීමට වෙහෙසුනහ.(ටිචන්ඩොෆ්ගේ ගවේෂණ වාර්ථා බර්ලිනි රාජ්‍ය පුසතකාලයේ තිබේ) ශුභාරංචිකරුවන් සතරදෙනාගේ අත් පිටපත් සෙවු පසුකාලීන ගවේෂකයන්ට  අප්‍රධාන අපොස්තල්වරුන් පිරිසක්ද සිටිනු බව දැන ගැනීමට හැකි විය.අප්‍රධාන අපොස්තල්වරු යේසුස් වහන්සේ හා සමකාලීන පලස්තීනය පිලිබද ඉතා වටිනා තොරතුරු සම්භාරයක් හෙලි කරති...
                              ශුභාරංචිකරැවන්ගේ සාක්ෂි සන්සන්දනය කර බැලීම  (parallel passage Technique) ආරම්භ කිරීමේ ගෞරවයද ජර්මානු බුද්ධිමතුන් කිහිප දෙනෙකුට හිමිවෙයි. එහිදී ආපොස්තල්වරුන් ගේ සාක්ෂි එකිනෙකට පරස්පර බව ඔවුහු වටහා ගත්හ. යේසුස් වහන්සේ පාවා දුන් පස් ජුදාස් ඉස්කොරිත් මිය යාම අහම්බෙන් සිදු වූ දෙයක් බව වරෙක බයිබලයේ සදහන් වේ. (ක්‍රියා 1:18) මැතිව් කියන පරිදි ජුදාස් ගෙල වැල ලා ගත්තේය. (මැතිව් 27: 8) 
                             ඇණ ගැසූ පසු යේසුස් වහන්සේගේ සිරුර තැන්පත් කල සොහොන වෙත ගිය කාන්තාවන්ට සොහොනේ ගල් දොර විවෘතව ඇති බවත් පසෙක සුදු ඇද ගත් තරුණයෙකු වාඩි වී සිටින අයුරු දකින්නට ලැබුන බවත් මාක් කියයි. (මාක් 16. 1-5) ලූක් , කාන්තාවන්ට එහි සිටින විට දිලිසෙන ඇදුමින් සැරසුන මිනිසුන් දෙදෙනෙකු හදිසියේම පහළ වු  බව කියයි. (ලූක් 24,1-5) මැතිවු ඊට හාත්පසින්ම වෙනස් කථාවක් ඉදිරිපත් කරයි. භූමිකම්පාවක් ඇතිවු බවත් දෙවියන් විසින් එවන ලද දූතයෙකු ගල්දොර පෙරළාගෙන සොහොනට ඇතුලු වු බවත් ඔහු පවසා ඇත.. (මැතිව් 28, 2-3)
                              මාක් සහ ලූක් සදහන් කරන ලෙසට යේසු පීටර්ගේ නිවසේදී ඔහුගේ භාර්යාවගේ මව සහ තවත් අය සුවකොට පසුව කුෂ්ඨ රෝගියෙකු සුවලත් කලේය. (මාක් 1.29-45/ලුක් 4.38) මැතිව්ගේ සාක්ෂිය පරිදි යේසු පලමුව කුෂ්ඨ රෝගියා සුවපත් කර පසුව පීටර්ගේ නිවසට ගියේය. (මැතිව් 8.1-4)
                             සාක්ෂි සන්සන්දනය කල ජර්මන් බුද්ධිමතෙකු වූ යොහාන් ගිසබන් (Johann Griesbach) මැතිව්,මාක් හා ලූක්ගේ ප්‍රකාශයට වඩා ජෝනගේ ප්‍රකාශ බොහෝ වෙනස් බව හෙළි කලේය.
                             ශුභාරංචිකරුවන් ගේ පරස්පර විරෝධී ප්‍රකාශයන් අතර අන්දමන්ද වූ ක්‍රිස්තියානි විචාරකයින්ගෙන් කෙනෙකු වූ හැම්බර්ග් විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂාව පිළිඹද මහාචාර්ය හර්මාන් සමුවෙල් රයිමරුස් (Hermann Samuel Reimarus) යේසුගේ ශ්‍රාවකයින්ගේ අරමුණ (On the Aims of Jesus and his Siciples) නමින් පොතක් ලිව්වේය. ඔහු තර්ක කළ අන්දමට යේසු රෝමවරුනට විරුද්ධව සැලසුම් කල යුදෙව් විප්ලවය අසාර්ථක විය. යේසු ඇණගසා මරා දමන ලද්දේය. අනුගාමිකයින් පිරිසක් ඔහුගේ මෘත දේහය සොරකම් කර යේසු සොහොනින් නැගුට දෙව්ලොව ගියේය යන ප්‍රවාදය ගොඩනංවමින් රෝම විරෝධී යුදෙව් විප්ලවය ඉදිරියට ගෙන ගියහ.
                             ටියුබින්ගන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ඩේවිඩ් ෆ්‍රිඩ්රිෂ් සුට්‍රාවුස් (David Friedrich Strauss) සාක්ෂි සන්සන්දනය යටතේ බයිබලය ඉතාම සූක්ෂම ලෙස ගවේශන කර The life of jesus critically Examined - 1835-36 (බර්ලින් රාජ්‍ය පුසතකාලයේ මෙහි පිටපත් තිබේ) යන මැයෙන් කාණ්ඩ දෙකකින් යුතු පොතක් ප්‍රකාශයට පත් කලේය. කිසිදු ශුභාරංචිකරුවෙකු ඔවුන් සදහන් කරන සිදුවීම් ඇසින් දැක නැති බව ඔහුගේ මතය විය.
                            ශුභරංචිකරුවන් ඉදිරිපත් කරන කරුණු වල අසමානතාව ඔප්පු වු පසු ඒවායේ සත්‍යාසත්‍යභාවය සෙවීමටද ජර්මානු ගවේශකයන් පිරිසක් වෙහෙස දරා ඇත. ඔවන් පෙන්වාදෙන පරිදි පේත්‍රස් , ශුභාරංචිකරුවන් පවසන ආකාරයේ යේසුගේ සමීපතකයෙකු නොවූයේය. ශුභාරංචිකරුවන් සමහර ප්‍රකාශ කරන්නේ පලස්තීනයේ භුගෝලීය කරුණු පිළිඹද හො දැනීමක් තොරවය.
                           යේසු තීර්ථවලින් පිටත්ව සිඩෝනය හරහා දෙකපොලිසයේ සීමා මැදින් ගැලීලිහි මුහුද ලගට ගමන් කල බව මාක් කියයි..(මාක් 7.31) යේසු ජීවත් වු කාලයේ සිඩෝනය හරහා ගැලීලි දක්වා මාවතක් තිබී නැත.තත් කාලීන පලස්තීන සිතියම පරීක්ෂා කරන විට මාක් පවසන යේසුස් වහන්සේගේ ගමන වටෙන් නහය ඇල්ලීමට සමාන වන බව පෙනේ..මාක්ට භුගොලීය කරුණු මතු නොව යුදෙව් නීති ගැන හෝ දැනුමක් නොවූ බව පැහැදිලි වන ස්ථාන බයිබලයේ තිබේ.. කාන්තාවක් තම ස්වාමියා ගෙන් දික්කසාද වී වෙනත් පුරුෂයෙකු සමග විවාහ වූවොත් ඇය පරදාර සේවනය කල තැනැත්තියක ලෙස වරදකාරිය වේ..ය යි මාක් කියයි. (මාක් 10.12) මෙය යුදෙව් සාමජයේ ජීවත් නොවූ අයෙකු කල ප්‍රකාශයකි..යුදෙව් සමාජයේ කාන්තාවනට දික්කසාද විය නොහැක..
     ශුභරංචිකරුවන්ට යුදෙව් සිරිත්, පලස්තීනයේ භූගෝලීය ලක්ෂණ හා යුදෙව්වන්ගේ ප්‍රධාන භාෂා දෙක වූ ඇරමයික් සහ හීබෘ පිළිඹද දැනුමක් නොතිබුන බව පැහැදිලි වීම, අප්‍රධාන අපොස්තල්වරුන්ගේ සාක්ෂි ආදී කරුණු නිසා අලුත් ගිවිසුම රෝමයේ ලියවුන ප්‍රබන්ධ කථාවක්දැයි විමසීමට පවා ඉහත ගවේශකයෝ ඉදිරිපත්වූහ..රෝම ලේඛකකයන් යුදෙව්වන්ගේ නම් වලින් තමන්ට අවශ්‍ය දේ ලියා බයිබලය සකස් කර ඇතැයි ඔවුහු පවසති..
                            ජර්මන් බුද්ධිමතුන් ගේ බයිබල් සංවාදයට එංගලන්තයේ ගවේෂකයන් ද එක්වීමෙන් බයිබලය කුමක්දැයි තේරුම් ගැනීම තවත් පහසු කෙරිණි. 1890 දී රුසියානු ගවේෂකයෙකු වූ නිකොලස් නොටොවිෂ් , යේසුස් වහන්සේගේ ජීවිතයේ බයිබලයේ සදහන් නොවන හෝ සදහන් නොකරන හෝ දීර්ඝ කාල පරිච්ඡේදය පිළිඹදව තොරතුරු අනාවරනය කරමින් La Vie Inconnue de Saint Issa නම් ග්‍රන්ථයක් පුකාශයට පත් කලේ මේ අතරතුරේදීය.ඉතා ඉක්මනින් පොත ඉංග්‍රීසි හා ජර්මන් භාෂා වලින් ද පළ වුණි.රුසියානු ගවේෂකයකු වූ නිකොලොයි රෝරයිෂ් , නොටෝවිෂ්ගේ ගවේෂණය තහවුරු කලේය.
                             රුසියානු විප්ලවයෙන් පසු යේසුස් වහන්සේ පිළිඹදව ගවේෂණයේ යෙදීමට බුද්ධිමතුන්ට ඉඩ නොලැබිනි.ඔවුන් සමහරෙකුට විවේචය  පසෙක දා අකමැත්තෙන් හෝ ජේසු අගය කිරීමට සිදු විය. ස්ටාලින් දේවස්ථානයක හැදී වැඩී කොමියුනිස්ට් පක්ෂයට බැදී එහි ලේකම් ධූරයට පත් වූ අතිශය කෘර පාලකයෙකි. සිය පාක්ෂියන් පවා මරා දැමූ ඔහු ගේ පාලන සමයේ රුසියානු ගවේෂකයන්ට සත්‍ය සෙවීම පසෙක දමා යුරෝපයේ වහල් සමාජය දෙදරවූ විප්ලවවාදීන් වශයෙන් හදුන්වමින් ස්පාටකස් හා යේසුස් අගය කරන්නට සිදු විය.රුසියානු කොමියිනිස්ට්වරුආසියා අප්‍රිකා  හා ලතින් ඇමරිකානු රටවල කොමියුනිස්ට් අපොස්තල්වරුන් පිරිසක්ද නිර්මාණය කලහ. ලංකා සම සමාජ  පක්ෂයේ ආරම්භක නායකයින් කිහිපදෙනා ලංකාවේ කොමියුනිස්ට් අපොස්තල්වරුන් පිරිසයි...අර්නස්ට් චේගුවේරා හෙවත් චේගුවේරා ද කොමියනිස්ට් අපොස්තල්වරයෙකි. ඔහු මුහුණ මේක අප් කර රෝම චිත්‍රවල දැක්වෙන  යේසු ලෙස පෙනී සිටියේය. ඔහුගේ ප්‍රයත්නයේ ප්‍රතිඵල තිබුණි. මරා දමන ලද චේ ගේ ඡායාරූප දුටු දහස් ගනන් ලතින් ඇමරිකානුවන් යේසු මරා දමා ඇතැයි වැලපුන බව පුවත්පත්වල පළ විය.
                            දලයි ලාමා වහන්සේ කොටලුවෙකු පිට නැගී ඉන්දියාවට පලා ගියේයැයි උන්වහන්සේ උපහාසයට ලක් කල රෝහණ  විජේවිර පෙළපාලි යද්දී චේගුවේරා අනුකරණය කරමින් රැවුල වවාගෙන  තොප්පියක් පැලදුවේය. තොප්පිය දකුණු ඇමරිකානු රටවල ජාතික ඇදුමේ කොටසක් බව  විජේවීර නොසිතන්නට ඇත‍. චේ ගුවේරා පසුපස රෝම අධිරාජ්‍යා විසින් නිර්මාණය කරන  ලද යේසු සිටි බව ඔහු දැන සිටියේ නැත.විජේවීර අනුකරණය කරමින් චේ කට් වවා කැප් තොප්පි පළදින “හිස් මාස්ටර් වොයිස්ලා“ ද මේ යථාර්ථය නොදනිති.
                            යේසුස් නම බුද්ධ ශ්‍රාවකයාණෝ පොත  ලිවීමෙහි ප්‍රධාන අරමුණු කිහිපයකි.. පළමුවැන්න කතෝලික හා ක්‍රිස්තියානි ආගම අදහන සිංහලයින් අතර බුද්ධිමය සංවාදයක් ඇති කිරීමයි.ඔවුනට බයිබලය විමර්ශණය කිරීමට අනුබල දෙන කිසිදු සිංහල ග්‍රන්ථයක් අපට සොයාගත නොහැකි විය. විද්‍යාවේ නාමයෙන් ඔවුන් සදහා ලියවුනු  පොත් පුරවා ඇත්තේ විමර්ශනය කිරීම වලක්වන ඇදහීමට පොළඹවන කරුණුවලිනි. මෑතකදි පළ කෙරුනු ලලත් මෙන්දිස්ගේ විද්‍යාව හා කිතු දහම ග්‍රන්ථය නිදසුනකි. එහි මෙසේ සදහන්වේ.
“මවක් ලේ කිරි කර පූජා වීමේ ආත්මයකින් තම දරුවන් උදෙසා ක්‍රියා කරන බව අප කව්රුත් දනිමු..
                           මෙම වෛද්‍යවරයා ක්‍රිස්තියානි ආගම දෙසන්නෙ කිරි බී වැඩෙන සතුන් පිළිඹදව හො දැනුමක් නැත්තෙකු ලෙසිනි. ලේ කිරි කරන්නේ කෙසේද???
                            “ක්‍රිස්තුස් වහන්සේ මහායාන බුද්ධාගම හැදෑරුවා යන මතය අමූලික බොරුවකි. මිනිස් ප්‍රබන්ධයකි. යේසුස් වහන්සේ පැහැදිලිවම ඉගැන්වූයේ තමන් මිහිපිට දෙවිදුන් බවය.එය මහායාන බුදු දහමේ නැති ඉගැන්වීමකි. මහායාන බුදුදහම පැතිරුනේ චීනයේ හා ජපානයේය.එම මතය අනුව ක්‍රිස්ත්ස් වහන්සේ ජපානෙට ගියාද?ඇරත් මහායාන බුදු දහම පැතිරුනේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පසුවය..
                             ක්‍රිස්තියානි ජනයාට කියවීමට ලැබෙන්නේ මිනිසා මෝඩයා කරවන මෙබදු අවිද්‍යාත්මක , අශාස්ත්‍රීය , මන්ද බුද්ධික කථාවලින් පිරිණු පොත්ය. මිනිස් ප්‍රබන්ධ හැර වෙනත් ප්‍රබන්ධත් තිබේද??
                             පොත ලිවීමේ දෙවැනි අරමුණ  මාක්ස්වාදය පසුපස තවමත් හඹා යන සිංහල තරුණ තරුණීයන්ය ඔවුන් නොදන්නා ඉතිහාස තොරතුරු ස්වල්පයක් පැහැදිලි කිරීමටයි.පසුගිය කාලයේ ලංකාවේ තරුණ තරුණියන් විශාල පිරිසක් ජනතා විමුක්ති පෙරමුණට බැදී අකාලයේ මිය ගියේ ඔවුන් විප්ලවවාදීන් වු නිසාය යි සිතීම මුලාවකි. මාක්ස්වාදය හා වෙලි සිටින යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඔවුන්ගේ නිදහස් චින්තනය නවතා දැමීම හේතුවෙන් ඔවුහු වල්මත්වූහ. පිළිනු වූ මාක්ස්වාදය කෙරේ තවමත් උනන්දුවක් දක්වන  තරුණ තරුණියන්ට බුද්ධිමය  සංවාදයේ වටිනාකම පැහැදිලි කිරීම අපගේ වෑයමයි.
                              යොහෝවා ගේ සාක්ෂිකරුවන් ප්‍රමුඛ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන නොයෙකුත් ක්‍රිස්තියානි මිෂනාරි සංවිධාන සිංහල බෞද්ධයන් මුදලේ බලය පා අවිද්‍යාවෙන් රැවටීම  වෙහෙසෙන මේ සමයේ ඔවුන්ට  යේසුස් වහන්සේ යනු කවරෙක්දැයි වටහා දීම ද අපගේ තවත් ප්‍රයත්නයකි.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Post Comment

No comments:

Post a Comment