Sunday, February 26, 2012
බයිබලය හා දාස් කැපිටලය
නොමිලයේ බෙදු හැරීම නිසා ලෝකයේ වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත් පොත් දෙකකි.. පළමුවැන්න ක්‍රිස්තියානි බයිබලයයි. අනෙක දාස් කැපිටලයයි...පොත් දෙකේම මුල් උරුමක්කරයෝ යුදෙව්වෝය. සෝවියට් සංගමය බිද වැටීමෙන් පසුව දාස් කැපිටලය බෙදාහැරීම ඇණහිටයේය.. ලංකාව නිදසුනකොට ගතහොත් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගම් උදා ප්‍රීති සැණකෙලිවල පමණක් බයිබල් ලක්ෂ පහකට වඩා බෙදා හැර ඇත.මිහින්තලා ගම් උදා සැණකෙලියේ බයිබල් ලක්ෂ දෙකක් බෙදාහැරීමට ක්‍රිස්තු ධර්ම ප්‍රචාරක සංවිධානයක් කටුයුතු යොදා තිබිණි.
බයිබල් බෙදා හැරීම කෙතරම් සාර්ථක වීද යත් , අකුරු කියවීමට නොහැකි, බ්‍රසිලයේ ඇමසෝනා වනාන්තරයේ ජීවත්වන ගෝත්‍රිකයන්ගේ පැල්පත් අතරටද බයිබල් රිංගවා තිබේ.බයිබලය පැලේ තබාගෙන ගෝත්‍රික පවුල් වලට , මීෂනාරින් ගෙන් තෑගිභෝග ලැබෙන බැවින් ඔවුහු සිය දූ දරුවන්ට වඩා පරිස්සමින් බයිබලය රැක බලා ගනිති. නොමිලයේ බයිබල් සපයන බව මිෂනාරී සමාගම් පල කරන දැන්වීම් මහමදික නොවන සෑම රටකම දිනපතා පුවත්පත් වල නිරතුරුව දක්නට ලැබේ. බයිබල් දික් කරගෙන යොහෝවාගේ සාක්ෂිකාරයෝ ලොව පුරා ගෙයින් ගෙට ඇවිදිති..“ගැලවුම්කාරයා පිළිඹද පණිවිඩය ප්‍රකාශ කිරීමසදහා අපි පැමිණියෙමු“ ඔවුහු කියති...ඔවුන් ගැලවුම්කරුවා යනුවෙන් හදුන්වන්නේ යේසුස් වහන්සේය..යේසුස් වහන්සේ කිසිවෙකු ගලවා නොගත්හ. යටත් පිරිසෙන් එතුමාටවත් ගැලවිය නොහැකි විය. කිසිවෙකුට තවත් කිසිවෙකු ගලවාගත නොහැකි බව, උපන්ගෙයි අන්ධ භක්තිකයින් වු මොවුනට නොවැටහෙයි.
මුලු මහත් ලෝකයම ක්‍රිස්තියානි කරන්නැයි බයිබලය අණකර සිටියි. එයට එකගව ක්‍රියා කරන ක්‍රිස්තියානි සංවිධාන ක්‍රිස්තියානි ලෝකයක් බිහිකිරීමට උත්සාහ දරති. රටවල් සොයා යාමද ක්‍රිස්තියානි ව්‍යාපාරයේ කොටසකි. අරාබින් රතු මුහුද පාලනය කරමින් පෙරදිග මාර්ගය අසුරා සිටි සමයේ ප්‍රෙස්ටර් ජෝන් නැමැති ඉතා බලවත් ක්‍රිස්තියානි අධිරාජ්‍යෙයකු පෙරදිග වෙසෙතැයි යුරෝපයේ ප්‍රචලිත වී තිබිනි. ප්‍රෙස්ටර් ජෝන් අධිරාජ්‍යයාගෙන් යුධ ආධාර ලබාගෙන මහමදික බලය මැඩපවත්වා පෙරදිග හා සම්බන්ධවීමට යුරෝපා ජාතීහු උත්සාහ කලහ.ස්පාඤ්ඤය හා පෘතුගාලය සමුද්‍ර යාත්‍රිකයන්ගේ මූලික අරමුණ වුයේ ප්‍රෙස්ටර් ජෝන් වෙත යාමයි. ඇමරිකාවට ගොඩ බට කොලොම්බස් සිතා ඇත්තේ තමා ඉන්දියාවට ලගා වී ඇති බවයි.එකල ඇමරිකාවේ සිටි ස්වදේශිකයන් රතු ඉන්දියනුවන් ලෙස ඇදින්වීමට හේතුව ද එයයි.යුරෝපයේ කතෝලික රාජ්‍යයන්හි ක්‍රිස්තියානි ධර්මයේ මුල් බිම හෙවත් යේසුස් වහන්සේ බිහිවු බිම ඉන්දියාව ය යන අදහස මුල් කාලයේ පැවති බවට ප්‍රෙස්ටර් ජෝන් විශ්වාසය සාක්ෂියකි. අප යුරෝපයේ ජනප්‍රවාද පිළිඹද විමර්ශණය කරන විට පැහැදිලි වූයේ ප්‍රෙස්ටර් ජෝන් යනු අශෝක අධිරාජ්‍යයා හැදනිවීම පිණිස භාවිතා වු නමක් බවයි..
යුරෝපීයන් , ක්‍රිස්තියානි ලෝකයක් වෙනුවෙන් ලෝකය පුරා මේතාක් කර ඇති යුද්ධ ප්‍රමාණය සංඛ්‍යාවෙන් දහස් ගණනකි.යුද්ධවලින්තොරව ලෝකයේ විවිධ රටවල දී මරා දමන ලද මිනිසුන් සංඛ්‍යාව ගණනය කල යුත්තේ දශ ලක්ෂ ගණනනි. යක්දෙස්සියන් සේ සලකා මරා දැමු යුරෝපා කාන්තාවන්ගේ සංඛ්‍යාව පමණක් දස දහස් ගනනකි. දාස් කැපිටලයේ ඉංග්‍රීසි පිටපත ලංකාවේ නොමිලයේ බෙදාහරින ලද්දේ, සෝවියට් සංගමය බිද වැටීමට පෙර රුසියානු තානාපති කාර්යාලය මගින් කොටා රෝඩ් හි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය විසිනි. දාස් කැපිටලය කාල් මාක්ස් නැමැති යුදෙව් ජාතිකයා ගේ කෘතියකි. රැකියාවක් නොකළ කම්කරුවන් සමග ජීවත් නොවු කාල් මාක්ස්, කම්කරුවන් පිළිඹඳව එබඳු ග්‍රන්ථයක් සම්පාදනය කලේ හේගල් නම් ජර්මානු ජාතිකයා විසින් ලියන ලද අපෝහක න්‍යාය නම් ග්‍රන්ථය ලද දැනුමෙන් මනුෂ්‍ය ජීවිතය පිළිඹඳව සිතන්නට වු බැවිනි.
බුදුන් වහන්සේට පෙර භාරතයේ ජීවත් වූ චාර්වාක, සුප්‍රකට පඬිවරයෙකි. දාර්ශණිකයෙකි. මනස හා පරලොව පිළිඹඳව දේශනා කල භාරතීය ආචාර්යවරුන් ගේ තර්ක බිඳ හෙලු අතිශූර තාර්කිකයෙකි. එතුමෝ විශාල ශිෂ්‍ය පිරිසකගේ ආචාර්යවරයා වූහ. ඔහුගේ දර්ශණය කුමක්දැයි පැහැදිලි කරන කිසිම ග්‍රන්ථයක් මෙකල සොයාගත නොහැක.
චාර්වාක යනු චාර්වාක දර්ශනයේ නිර්මාතෘවරයා නොවන බවටත් බෘහස්පති සෘෂිවරයාගේ ප්‍රකෘති -අචේතන වාදය චාර්වාක දර්ශනයට පදනම් වී ඇති බවටත් මතයක් ඇත.ආසියාවේ ආගම් හා දර්ශනය පිළිබඳ දුර්ලභ පොත් පත් ඇති මදුරාසියේ අද්යාර් පුස්තකාලය පවා චාර්වක ග්‍රන්ථ වලින් හිස්ය. බේබන් හවුසන් පුස්තකාලවල පැවති ග්‍රන්ථ, පුස්ථකාලවල පවත්නා ලාගර් හෙවත් ගබඩා කාඹරවල දමා වසා ඇත.එහෙයින් චාර්වාක දර්ශනය මෙය යැයි යමෙකුට දැන ගත හැක්කේ එම දර්ශනය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරන බ්‍රාහ්මණ බෞද්ධ හා ජෛන ග්‍රන්ථ මගින් පමණි. එම ග්‍රන්ථවල අනුව චාර්වාකවාදීහු මෙබඳු තර්ක ඉදිරිපත් කළහ.
ලෝකය මැවූ දෙවියෙකු නැත.
ආත්මයක් නැත.
නැවත ඉපදීමක් නැත.
පරලොවක් නැත.
කර්මයක් නැත.
හොදින් හෝ නරකින් කම්සැප විඳීම ජීවිතයේ ඒකායන පරමාර්ථයයි.
මරණය නිර්වානයයි.
මරණයෙන් සියල්ල කෙලවර වේ.
පොළොව , ජලය , ගින්න , වායුව යන සතර මහා භූතයෝ මූලද්‍රව්‍ය වේ.
ලෝකය සතර මහා භූතයන් ගෙන් සෑදුනකි.
බීජයක ඇති පිටිවලින් මදය , ශක්තිය හටගන්නා මෙන් භූතයන්ගේ එක්වීමෙන් සිත පහල වේ.
සිත ශරීරයෙන් වෙන් කල නොහැකිය.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ චාර්වාක නමින් ගොඩනැගුන විශ්ව විද්‍යාලයක් මගධයෙහි තිබුණි. චාර්වාක යන වචනයේ අර්ථය මිහිරි පණිවිඩය යන්නයි. ඊට ලෝකයාත නමද භාවිතා කර ඇත. ලෝකයාත යන්නෙහි අර්ථය ප්‍රසිද්ධ යන්නයි. ලෝකයාත දර්ශනවාදීහු , බ්‍රාහ්මණ දර්ශනය නිෂේධ කළහ. බුදුන්ගේ කාලයේ විසූ සියලුම ශාස්තෘන් වහන්සේලා ලෝකයාත දර්ශනය බිඳ හෙලු අතර එම කාර්යයෙහි පුරෝගාමියා වුයේ ජෛන ආගමේ නිර්මාතෘ මහාවීරයි. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ දර්ශනය මෙන්ම ලෝකයාත දර්ශනයද ප්‍රතික්ෂේප කරමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කල සේක.
චාර්වාක දර්ශණය ග්‍රන්ථයකින් කොටසක් උපුටාගත් හේගල්, අපෝහක න්‍යාය නමින් දර්ශනයක් ඉදිරිපත් කලේය. මාක්ස් භෞතිකවාදය කෙරෙහි ආකර්ශණය වූ පුද්ගලයෙකි. ඔහු සිය උපාධිය වෙනුවෙන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කල නිබන්ධනය නිදසුනකි. හේගල් ගේ අපෝහක දර්ශනය කියවා පිබිදුන සිත් ඇති මාක්ස් අවුරුදු ගණනාවක් වෙහෙසෙමින් හේගල් දර්ශනය පිළිබඳව තවත් කරුණු සෙවීය. අවසානයේ ඔහු හේගල්ගේ දර්ශනය වෙනස් කරමින් දයලක්තික වාදය නමින් තවත් දර්ශනයක් ඉදිරිපත් කලේය. පැරණි පෙරදිග ඥානයට පේටන්ට් බලපත්‍ර නොවූ නිසා හේගල්ට හෝ මාක්ස් ට හෝ බුද්ධිමය දේපල හොරුන් යැයි කියනු නොලැබේ. ඔවුහු දාර්ශනිකයෝ ව සිටිති.
මාක්ස් ගේ දර්ශනය අගය කරමින් ලියා ඇති අටුවා ටිකා ග්‍රන්ථ දහස් ගනනකි. මෙනයින් සලකන කල මාක්ස්වාදී දර්ශනය තරම් අවධානයට ලක්වූ වෙනත් කිසිදු දර්ශනයක් නොමැති තරම්ය. එහෙත් කිසිදු මාක්ස්වාදයෙකු හෝ මාක්ස්වාදය හෙලා දකින්නෙකු හෝ කාල් මාක්ස් ස්වකීය දර්ශනය ඉදිරිපත් කිරීම සඳහා ආධාර කරගත් හේගල් දර්ශනය පෙරදිග දර්ශනයකින් උපුටා ගත්තක් බව සඳහන් කර නැත. එයින් වැටහෙන්නේ මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරන යුරෝපීය විචාරකයින් පවා මාක්ස් පෙරදිගට ණයගැති බව හෙලිකිරීමට අකමැති බවයි. මාකස් ගේ පවුල නඩත්තු කළ ෆ්‍රෙඩ්රිච් එංගල්ස් නම් වෙළෙන්දා , තම නමත් සම්බන්ධ කර ගෙන මාක්ස් ගේ පොත ප්‍රකාශ කරන්නට විය. මාක්ස්ගේ කෘතිය අපූර්ව න්‍යාය ග්‍රන්ථයක් ලෙසින් භාරගත් ලන්ඩනයේ තරුණ පිරිස් , බයිබලය ඇදහීම අතහැර දාස් කැපිටලය ඇදහීම ඔවුන්ගේ මෝස්තරය කරගත්හ. ඒ ලෝකයේ පළවෙනි කොමියුනිස්ට් කල්ලියයි. කොමියුනිස්ට් කල්ලි ලන්ඩනයෙන් ආරම්භ වී පැරිස් , මැඩ්රිඩ් බර්ලින් ආදී නගරවලට පැතරී ගියේ , කලකට පෙර යුරෝපයේ හිපි සංස්කෘතිය පැතිරී ගිය පිළිවෙට සමාන අයුරිනි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ව පැවති ආසියානු රටවල දේශීය ධනපතියන්ගේ දරුවෝ උසස් අධ්‍යාපනය පිණිස ලන්ඩනයට පැමිණ සිටිහය. කලු සුදු භේදය නිසා එංගලන්තයේදී පීඩාවට පත්ව හීනමානයෙන් ජීවත් වු මොවුනතරින් සමහරක් නිරායාසයෙන්ම කොමියුනිස්ට කල්ලි වෙත ඇදී ගියහ. ඇතැම්හු කල්ලි වලට නොබැඳුනද කොමියුනිස්ට්වරුනට හිතවත්කම් දැක්වූහ.ආචාර්ය ඊ ඩබ්ලිව්. අදිකාරම් ලන්ඩනයේදී කොමියුනිස්ට් හිතවතෙක් වූයේ ය. සම සමාජ පක්ෂය යන නම පවා ඔහුගේ යෝජනාවකි.
රුසියාවේ කොමියුනිස්ට්වරු, එරට ආණ්ඩු බලය අල්වා ගත්හ.රුසියාව, ජර්මනිය පරාජය කරමින් දෙවෙනි ලෝක යුද්ධය ජයගෙන නැගෙනහිර යුරෝපා රටවල් එක් කර සෝවියට් කඳවුර හෙවත් වෝර්සෝ ආරක්ෂක හවුලු පිහිටවූහ.තැතිගත් ඇමරිකාව බටහිර යුරෝපා රටවල් එක් කර නැටෝ නමින් යුධ හවුලක් ඇති කරගෙන සෝවියට් සංගමය දුර්වල කිරීමේ උපාය මාර්ග සෙවීය. මා ඕ සේතුං යටතේ සංවිධානය වූ කොමියුනිස්ට්වරු චීනයේ බලය ඇල්ලීම නැටෝව දුටුවේ දේශපාලන වසංගතයක් ලෙසිනි. ඔවූහු කොමියුනිස්ට් ආසියාවක් ඇතිවීම වැලැක්වීමට වග බලා ගත්හ.
සෝවියට් කඳවුර බිඳවැටීමත් සමගම ආසියානු රටවල කොමියුනිස්ට් පක්ෂ ඉබේටම ගරා වැටුනි.කොමියුනිස්ට්වාදීන්ගේ සංස්කෘතික උපාංග පමණක් රටරටවල ඉතිරිවිය. නිදසුනක් දක්වතොත් වාමාංශික ව්‍යාපාරය හා මැයි දිනය ලංකාවේ කොමියුනිස්ට් / සමසමාජ ව්‍යාපාරයේ සංස්කෘතික උපාංග දෙකකි.
ව්‍යාහාරයට ඉංග්‍රීසි භාෂාවේ රයිට් යන වචනය දකුණ හැඳින්වීටත් නිවැරදි යයි කීමටත් භාවිතා කෙරේ. හිපියන්ගේ ක්‍රියාකාරකම් රයිට් - නිවැරදි නොවේ යැයි පොදු සමාජ පිළිගැනීමක් තිබේ.
හිපියන් දෙදෙනෙක් ගමනක් යමින් උන්හ.
“ උඹ පුක පිස්සෙ නැද්ද? “
එක් හිපියෙක් අනෙකාගෙන් ඇසුවේය.
“පුක පිහින්න මං අද රිව්වෙ නැහැනෙ“ අනෙකා කීය.
“ එහෙනම් ඔය කලිසමේ ගූ තියෙන්නෙ.“
“ ආ.... ඒව ඊයෙ එව්වා...“
මෙකල හිපියන් ලෙසින්, එකල කොමියුනිස්ට්වරුන් රයිට් - හරි වැඩ නොකල පිරිසක් වශයෙන් සමාජයේ පිළිගැනිනි. ලන්ඩන් නගරයේ දාස් කැපිටලය ඇදහීමට පටන් ගත් කොමියුනිස්ට්වරුනට කණපිට වැඩ කරන්නන් යන අරුතින් යුතුව පෙෆ්ටිස්ට් යන නමක්ද පට බැඳුණි.
භාෂාව උපයෝගී කරගෙන ජන විඥාණය වෙනස් කීරීම වර්ථමාන බටහිර රාජ්‍ය පාලන උපායකි. මෙය මුලින් ම ක්‍රියාවේ යොදවනු ලද්දේ ජර්මනියේ නාසිවාදින් විසිනි. ඔවුන් රාජ්‍ය බලය ලබාගත් අලුත ම බර්ලින් නගරයේ සියලුම යුදෙව් කඩ සාප්පු වීදුරු , ගල් හා බෝතල් ගසා බිඳ දැමූ රාත්‍රියක් විය. මේ බිහිසුණු රාත්‍රිය ජර්මන් ජනමාධ්‍ය විසින් “ක්‍රිස්ටල් නයිට් “ ලෙස නම් කරන ලද්දේ බියකරු රාත්‍රියේ ප්‍රචණ්ඩ බව වසං කිරීමේ චේතනාවෙනි. ඇමරිකාව සෝවියට් බලය පැතිරුණුවෝර්සෝ සමමිලිතය “ සෝවියට් බ්ලොකේඩ්“ යනුවෙන් හැඳින්වූයේ නාසිවාදීන්ගේ භාෂා උපාය උපයෝගී කරගනිමිනි.
බ්ලොකේඩ් යන ඉංග්‍රීසි වචනයේ කණ්ඩායම යන අර්ථය ඇතත්, බ්ලොක් යන ප්‍රසිද්ධ ඉංග්‍රීසි වචනය නිසා කථා ව්‍යාවහාරයේදී මනසට තදබල හිරවිමක් බඳු හැඟීමක් දැනේ. මීට සමාන ආකාරයෙන් ලංකාවේ පූජනීය බෞද්ධ නම් හෑල්ලුවට ලක්කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ.කතෝලික පාදිලිවරුන් භික්ෂු පදවි නාම උදුරාගනිමින් සිටිති. හොඳම උදාහරණය දේවගැතියන් හිමි,නාහිමි පදවි වලින් පෙනී සිටීමයි. කොළඹ බිෂොප් නිවස ලංකාරාමය වී තිබේ. කුඩා කිතුනු සංඝ තුලින් ප්‍රකාශ වන ශුද්ධෝත්තමයාණන් වහන්සේ යනුවෙන් ලියු පුවරු මේ දිනවල බොහෝ දේවස්ථාන වල ප්‍රදර්ශණය කෙරේ..
එංගලන්තයේ කොමියුනිසිට්වරු ලෙෆ්ස්ටිස්ට්ලා වන හෙයින් ලංකාවේ කොමියුනිස්ට්වරුන් වාමාංශිකයන් වූහ.
මාක්ස්වාදය ඔසවාගෙන ආ ලංකාවේ සමසමාජ නායකයෝ සිය පක්ෂය වම ලෙසින් හඳුන්වා ගත්හ. මොවුනට බටහිර පාලකයන්ගේ දේශපාලන උපායන් පිළිඹඳ කිසිම වැටහීමක් වැටහීමක් නොතිබුනු බව සනාථ කිරීම පිණිස මීට වඩා සාක්ෂි වුවමනා නොවේ.
වාමාංශිකයා (ලෙෆ්ටිස්ට්) යනු නිග්‍රහශීලී වචනයකි.වාමාංශිකයා යන්න සවන් පත් පුද්ගලයෙකු ගේ සිත සවන් පත් පුද්ගලයකු සිත අභ්‍යන්තරයේ මැවෙන්නේ සමාජයේ හරි වැඩ නොකර , වැරදි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයෙකි. දකුණු අතින් බත් කන සිංහල සමාජයේ , වම් අතින් බත් කන්නෙකුගේ චිත්‍රයකි.මැයි දිනය ලංකාවේ වාමාංශකයන් විසින් ද මහ ඉහලින් පවත්වන උත්සවයයි.. මෙබදු වාර්ෂික සැමරුම් උත්සව ලෝකයට හදුන්වාදීම ඇමරිකානු වෙළද ප්‍රචාරක සමාගම් වල ප්‍රකට වෙළද උපක්‍රමයකි. සැමරුම් දිනවලට නානාප්‍රකාර බඩුභාණ්ඩ සැමරීම මුලාවෙන් අලෙවි කෙරේ. ඇමරිකාවේ චිකාගෝ වරායේ ඇති වූ සිද්ධියක් තේමා කරගෙන , මැයි දිනය හදුන්වාදෙනු ලැබුවේ ද ඇමරිකානු වෙළද සමාගමක් විසිනි. එය ආසියා අප්‍රිකා දිළිදු රටවල ජාතික උළෙලක් තරමට ජනප්‍රිය වී තිබේ. ඇමරිකාවේ හා බටහාර යුරෝපයේ කම්කරුවා යන පුද්ගලයා වද කර ලැබ සේවා යෝජකයන් හා සේවා දායකයන් ඇති කර තිබේ.මෙයද භාෂාව මගින් පුද්ගල මනස වෙනස් කිරීමකි. කම්කරුවන් නොමැති ඇමරිකාවේ මැයි දිනය සැමරීමට පුද්ගලයන් නැත.සේවා යෝජකයෝත් සේවා දායකයෝත් හවුලේ මෙමෝරියල් ඩේ, ෆාදර්ස් ඩේ, මදර්ස් ඩේ , තෑන්ක්ස් ගිවින් ඩේ, ක්‍රිස්මස් ඩේ , හැලෝයින් ඩේ, වැලන්ටයින් ඩේ සමරති. ඇමරිකාව අනුකරණය කරන නැගෙනහිර යුරෝපයද මැයි දිනය වෙනුවට ඇමරිකානු වෙළදුන්ගේ දිනය සැමරීමට උනන්දුවක් දක්වති.
වසර කිහිපයක සිට ලංකාවේ මාධ්‍යකරුවෝ වෙසින් පෙනී සිටින බ්‍රොකර්ස්ලා වැලන්ටයින් දිනය විකුණති. පාසැල් දරු දැරියන්ට පාසල් පිට්ටනියට බැස ආදරේ කියා කෑ ගසන ලෙස මොවුන් ඉල්ලූ බව වාර්ථා වී ඇත. ඉදිරියේදී පහසුවෙන් අලෙවි කල හැකි මව් දිනයථථදිනය, පිය දිනය , පුතු දිනය ආදී තව තව දින ජනප්‍රිය වනු ඇත. දින ඉලක්ක කර තැනෙන වෛවාරන්න වෙළද බඩු , සුභ පැතුම් පත් කළ එලි බසිනු ඇත. ඒ පිළිඹද වෙළද දැන්වීම් මාධ්‍ය බ්රෝකර්ස්ලාගේත් දැන්වීම් නිර්මාණකරුවන්ගේත් සාක්කු පුරවනු ඇත.
යුදෙව්වෝ වූ යේසුස් වහන්සේ සහ කාල් මාක්ස් දෙදෙනාම ඉතා දිළිඳු පවුල්වල ඉපදී , ඉතා දිළිඳු ජීවිත ගත කලෝය. මොවුන් දෙදෙනාම දිළින්දන් හා දිළිදුකම අගය කලහ. මාක්ස් ධනපතියන් කෙරේ වෛරයෙන් යුතුව , ධනපතියන් දිළින්දන් කිරීමට අදහස් කලේය.ඔහු දිළින්දන් විසින් ගොඩනැංවිය යුතු ලෝකය හැඳින්වූයේ නිර්ධන පන්ති ආඥාදායකත්වය යනුවෙනි. යුජින් පොනී ගේ ප්‍රංශ ජාත්‍යන්තර කම්කරු ගීතය අනුව නීතීඥ බී.ජේ. පෙරේරා ලියූ ලංකා සම සමාජ පක්ෂයේ “සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්, අන්තිම සටනට සැරසෙයව්.“ සින්දුව රාජ්‍ය බලය අල්ලා ගැනීම පිණිස ඉදිරිපත් වන නිර්ධන පන්තියේ රණ ගීතයයි.
සම සමාජයකාරයන්ගේ සිංදුව ප්‍රායෝගික සටනක් බවට පෙරලීමට අදහස් කල රෝහණ විජේවීර,ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන පක්ෂය යටතේ , දේශප්‍රේමී ජනතා ව්‍යාපාය නමින් සාදුකින් පෙළෙනවුන්ගේ හමුදාවක් තැනීමට වෙහෙසුනේය. සාදුකින් පෙළෙනවුන්ට සටන් කල නොහැකි බව තේරුම් ගැනීමට උගත් කමක් වුවමනා නැත. හමුදා භටයන්ට සටන් කල හැක්කේ හොඳ කාය ශක්තියක් ඇත්නම් පමණි. මොළය වර්ධනය වීම සඳහාද ආහාර අවශ්‍ය වේ.කිසියම් පිරිසකට ‘නුඹලා සාදුකින් පෙළෙනවුන්‘ යයි පැවසුවහොත් ඔවුන් මනසින් අකරමන්‍ය වෙති. ගොවි කම්කරුවන් පිරිසක් අමතා “නුඹලා සාදුකිනි පෙළෙනවුන් යැයි පවසා ඔවුන්ගේ සිත් දුර්වල කොට දැන් ඉතින් සටන් කරන්නට නැගිටපල්ලා යැයි කී විට ඔවුන්ට නැඟිටගත නොහැකිය.
එම නිසා සාදුකින් පෙළෙනවුන් සිංදුව ඉංග්‍රීසිය මව් භාෂාව කරගෙන සිටි වමේ පැරණි නායකයන්ට ලංකාවේ වමේ ව්‍යාපාරය බිඳ දැමීම සඳහා වෙහෙසුන බටහිර රහස් සංවිධානයකින් දුන් ලණුවක් විය යුතුය. හෙළිදරව් කරන ලද සී.අයි .ඒ. වාර්ථාවල ඔවුන් ලෝකයේ රට රටවලට මාක්ස්වාදීන්ට දුන් මෙබඳු ගුණ්ඩු පිළිඹඳව සඳහනි. වරක් සී.අයි.ඒ . නිලධාරියෙක් රතු හමුදාවේ නායකයකු මඟින් මා ඕ සේතුං වෙත ගැමි කෘෂි නිලධාරියකුගේ සොයාගැනීමක් ලෙසින් ලේ කුරුල්ලන් පිළිඹඳ වාර්ථාවක් යැව්වේය. චීනය ගේ කුරුල්ලන්ගේ නිජ බිමයි.ගේ කුරුල්ලන් ලංකාවට පැමිණ ඇත්තේ චීන නාවිකයින් මඟිනි. ගේ කුරුල්ලෙකු දිනකට කන ධාන්‍ය ප්‍රමාණය,චීනයේ ගමක සිටින ගේ කුරුල්ලන් සංඛ්‍යාව ,නගරයක සිටින ගේ කුරුල්ලන් සංඛ්‍යාව , මුලු චීනයේ ගේ කුරුලු සංඛ්‍යව ආදී වශයෙන් වාර්ථාව දත්ත සංග්‍රහයක් විය.
ගේ කුරුලු වාර්ථාව කියවු මා ඕ සේතුං ප්‍රතිගාමී කුරුල්ලා වැඩවසම් යුගයේ සංකේතයක් ලෙස හඳුන්වමින් උන් වඳකිරීමට රතු හමුදාවට භාර කලේය. රතු හමුදාව චීනයේ ගේ කුරුල්ලන් සත්ව උද්‍යාන වලට පමණක් සීමා කලේ ගේ කුරුල්ලන් මැරීම මෝඩකමක් බව කී භික්ෂුන් වහන්සේලා කිහිප නමකට අච්චු කරමිනි. ඊළඟ වසරේ චීනය පුරා කෘමි වසංගතයක් පැතිර ගියේය. ඊට හේතුව කෘෂි විද්‍යාඥයන් දැන ගත්තද ඔවුන්ට ඇත්ත ප්‍රකාශ කිරීමට නොහැකි විය. ගේ කුරල්ලන් වඳ කිරීම නිසා වැඩි වැඩියෙන් කෘමි නාශක අවශ්‍ය විය.
මාකස්ට පෙර ජීවත්වු යෙසුස් වහන්සේ , ධනපති පන්තියට වෛර නොකළහ. ඔවුන් නින්දාවට ලක් කලහ. ඊශ්‍රායලයේ පොහොසතුන් අමතා ‘එරිසිවරුනි,ලියන්නෙනි,වංචාකාරයන් වූ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා ගේ ජීවිත සුදු කල සොහොන් ගෙවල් වලට සමානය.ඒවා ලක්ෂණට පෙනුන මුත් ඇතුලත මිනීවලින්ද සියුලු අපවිත්‍රකම් වලින්ද පරී ඇත.‘ එතුමා කී බව බයිබලයේ සඳහන් වේ. සුදු හුණු පිරියම් කල සොහොන් ගෙවල් එකල පලස්තීනයේ තිබුනේද යන්න සැක නමුදු යේසුස් වහන්සෙගේ ඒ කියමන ඉතා ප්‍රසිද්ධ ඒකකි.
දිළින්දෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද දේව රාජ්‍යය ඔවුන්ගේය. කියමින් එතුමා දිළින්දන් ධෛරමත් කලේය. ඔටුවෙක් ඉදිකටු සිදුරකින් රිංගුවත් ධනපතියකුට දිව්‍ය ලෝකයට ඇතුල් විය නොහැකි බව කී වේ මාක්ස් නොව යේසුස් වහන්සේය. එය නිවැරදි නම් දිව්‍ය ලෝකය පිරෙනු ඇත්තේ ඉතියෝපියාව,බංගලාදේශය,ලංකාව වැනි රටවල මනූෂ්‍යයන්ගෙනි. ජර්මනිය නෙදර්ලන්තය නෝර්වේ වැනි රටවල වැසියන්ට ස්වර්ග රාජ්‍යයට කිට්ටු වන්නටවත් නොහැකි වෙයි.ස්වර්ග රාජ්‍යට කිට්ටුවන්නට නොහැකි රටවල කෝටිපතියන් මිෂනාරි ව්‍යාපාරයන්ට මුදල් හෙලමින් දුප්පත් රටවල වැසියන්ට ක්‍රිස්තියානි ආගම බෙදන්නේ මන්දැයි අප විසින් ප්‍රශ්න කල යුතුවන්නේය. ස්වර්ගය දුප්පතුන්ගේ උරුමයකි.. දිළින්දන්ට ස්වර්ගයට යාමාට ධනපතියන්ගේ ඉනිමන් උවමනා නැත. යේසුසු වහන්සේ ඉහත ප්‍රකාශය ධනපතියන් කෙරෙහි වෛරයෙන් කල එකක් නොව මිනිසුන් දාන පාරමිතාව කෙරෙහි යොමු කිරීම පිණිස කරන ලද්දකි.
යේසුස් වහන්සේ මරණින් මතු යා හැකි දිව්‍ය ලෝකයක් ගැන නිතර කීහ. එය සියලු යස ඉසුරින් පිරුණු ලෝකයකි. මාක්ස් දේව රාජ්‍ය වෙත යාමට මාය යන තෙක් බලා සිටිය යුතු නැත, ධනපතින්ව වනසා දමන නිර්ධනීන්ට ජීවිත කාලය තුල දීම බිහිකරගත හැක යයි තර්කානුකූලව කියා සිටියේය.මාක්ස් තර්ක කල ලෙසට පුද්ගලයා යනු භෞතික වස්තුවතකි. භෞතික ශරීරය විසින් මනස නිර්මාණය කරයි. මනස ද්‍රව්‍ය යේ උච්චතම වර්ධනය හා සංවිධානයයි. ආගම අබින් ලෙස මනස විනාශ කරයි.
මාක්ස් අවුරුදු දහසයේදී ඔහුගේ ඔහුගේ පියා 1834 මාර්තු 23 වන දින මාක්ස් ඇතුලු මුලු පවුලේ සැම බෞතීස්ම කරවා ක්‍රිස්තියානි ආගම වැළඳගත්තේය. ඉන්පසුව මාක්ස් ගේ මුලු පවුලම දැඩි ක්‍රිස්තියානි භක්තිකයෝ වුහ.කාලාන්තරයක් මුළුල්ලේ නොකඩවා දේව මෙහෙයට සහභාගී වු භක්තිමත් ක්‍රිස්තු භක්තිකයෙකු වු මාක්ස් , බයිබලය හා දේව ඉගැන්වීම් දැඩි භක්තියෙන් අධ්‍යනය කල පුද්ගලයෙකි. ඔහු පලමුව බොන් සරසවියේත් දෙවනුව බර්ලින් සරසවියේත් අධ්‍යාපනය ලැබීය. මුල් කාලයේ හේගල්ගේ අපෝහකවාදය කෙරේ උනන්දු වූ ඔහු පසුව හේගල්ගේ දර්ශණය ප්‍රතික්ෂේප කර දයපෙක්තික භෞතිකවාදය ඉදිරපත් කලේය.
මාක්ස් මැදිවියේ අදේව වාදියෙකු වුවද පුද්ගලයෙකුගේ මානසික වර්ධනය වැඩිවශයෙන්ම සම්පූර්ණ වන ළමා වියේ දී මෝසස් ගේ දැඩි මූල ධර්ම වාදී යුදෙව් චින්තනය යටතේ හැදුණි වැඩුනි. එතැන් පටන් ඔහු තරුණ විය තෙක්ම සෝල් (සෝල් පිළිඹදව ඉදිරි පරිඡ්චේද වලදී විස්තර කරනු ඇත) ගේ ක්‍රිස්තියානි චින්තනයේ ග්‍රහණයටනතු විය. දැඩි මූලධර්ම වාදී ආගම් දෙකක් විසින් මාක්ස්ගේ මානසිකත්වය මෙහෙයවන ලද බව පැහැදිලිය. ක්‍රිස්තියානි ආගමේ හරය සෙවු ඔහු ධනපතියන් දිළිඳු කිරීම ජීවිතයේ මූලික අරමුණ කරගත්තේ බයිබලය කියවීමෙනි.දිළින්දන්ගේ ස්වර්ග රාජ්‍ය මරණින් මතු නොව ජීවත්ව සිටියදීම ලඟා කර ගත හැක යැයි ඔහු තර්ක කලේය. ඒ සදහා මාර්ගය වශයෙන් ඔහු තෝරාගත්තේ මෝසස් හදුන්වා දුන්, සෝල් විසින් තහවුරු කරන ලද ප්‍රචණ්ඩත්වයි. ක්‍රිස්තියානි හා යුදෙව් ආගම් ස්වර්ග රාජ්‍ය මරණින්මතු ලැබෙන එකක් බව මහජනයාට ඒත්තු ගැන්වීම නිසා මාක්ස් ආගම අබින් ය යි කියා සිටියේය. මාක්ස් අවශ්‍ය වූයේ ධනපතියන් වනසා මේ ආත්මයේදීම ස්වර්ග රාජ්‍ය පහළ කර ගැනීමටය.
රටක ධනවතුන් දිළින්දන් කර ස්වර්ගය සෑදීම යනු විකාර අදහසක් බව තේරුම් ගැනීමට ආර්ථික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය නැත. ධනවතුන් නැති රාජ්‍ය දිළිඳු වෙයි. මහජනයාට රැකියා මාර්ග නැති වෙයි. විදේශ රටවලට අතපෑමට සිදුවෙයි. රටේ සම්පත් විදේශ ආයෝජකයන් අතට පත්වෙයි.
මාක්ස් රැකියාවක් නොකල පුද්ගලයෙකි. මන්දපෝෂණයෙන් පෙළුනු ඔහුගේ එක් දරුවෙක් ක්ෂය රෝගය වැළඳී මිය ගියේය. මාක්ස් ගේ බිරිඳ පවුල නඩත්තු කලේ හිඟමනෙන් හා එංගල්ගෙන් ලැබුන සුළු මුදලෙනි. ඇතැම්විට මාක්ස් එම මුදලද දුම්පානය සඳහා වැය කලේය.
ලංකාවේ ඇතැම් තරුණ තරුණියෝ මාක්ස්වාදය තබා මාක්ස් පිළීඹඳව හෝ දැනුමකින් තොරවු මාක්ස්වාදීන්වී සිටිති.
මාක්ස් ආගම අබින් යැයි කීවේ ඇයිදැයි එකල යුරෝපයේ දී කොමියුනිස්ට් කල්ලිවලට බැඳුන ආසියානු ධනපතියන්ගේ දරුවන්ට නොවැටහුනි. මාක්ස්ගේ ප්‍රකාශයේ වචනාර්ථය පමණක් කරගසාගෙන තම රටවලට ගිය ඔවුහු මාක්ස්වාදයෙන් මත්ව ආගම අබින් යැයි සලකමින් බුද්ධාගමට බැට දෙන්නට වූහ.මාක්ස් බෞද්ධ දර්ශණය හෝ බුදු දහම හැදෑරුවෙක් නොවීය. හැදෑරුවේ නම් මාක්ස්ගේ ඉහත සඳහන් ඓතිහාසික ප්‍රකාශය ඊට වෙනස් වන්නට ඉඩ තිබුණි.
මහමදික සහ ක්‍රිස්තියානි ආගම් කොමියුනිස්ට් වාදීන්ට වඩා බලවත් වුනි. ලක්ෂ ගණනින්මනුෂ්‍ය ඝාතන සිදු කල ජෝසප් ස්ටාලින් කොමියුනිස්ට් නායකයාට පවා රුසියානු ඕතඩ්‍රොක්ස් දේවස්ථානයට ආධාර කිරීමට සිදු විය.වරක් ඔහු ඉතා වටිනා මෝටර් රථයක් පල්ලියට රහසේ පරිත්‍යාග කළේය. ආඥාදායක පිදෙල් කස්ත්‍රෝ පවා පව් සමා කරගැනීමට පාප් වහන්සේ කියුබාවට කැඳවීය. කොමියුනිස්ට් වාදීන් විනාශ කලේ නිදහස් බෞද්ධයන් පමණි. සෑම කොමියුනිස්ට් රටකම ක්‍රිස්තියානි සහ මහමදික දේවස්ථාන ආරක්ෂා වුනි. පාදිලිවරුන් රැකුණි.
කොමියුනිස්ට්වාදීහු, චීනය, ටිබෙටය, මොංගෝලියාව, වියට්නාමය, ලාඕසය ඈ රටවල භික්ෂු භික්ෂුණින් ඇතුළු බෞද්ධයන් ලක්ෂ සංඛ්‍යාවක් මාරා දැමූහ. දහස් සංඛ්‍යාත විහාරාරාම පොළොවට සමතලා කෙරිණි. කොමියුනිස්ට්වාදය නිසා ලංකාව කාම්බෝජය වැනි රටවල දහස් ගණනින් බෞද්ධයෝ මිය ගියහ.ප්‍රේමදාස ජනාධිපති සමයේ ඇති කරණ ලද භීෂණය යටතේ ලංකාවේ භික්ෂූන්වහන්සේලා හත්සීයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර ලේඛන වල සඳහන් වේ. සිවුරු හැර ගිය සංඛ්‍යාව දහස් ගනනකි. 1971 කැරැල්ලට සම්බන්ධ යයි සිරගත කරන ලද තරුණ තරුණියන් කෙතරම් සංඛ්‍යාවක් ක්‍රිස්තියානිකරණයට ලක්වූයේදැයි සොයා බැලිය යුතුය. මගසින් බඳු සිරගෙවල්වල සිරවූ තරුණයන් බාහිර ලෝකය සමඟ ලියුම් ගනුදෙනු කළේ පවා සිරගෙදරට පැමිණි කන්‍යා සොහොයුරියන්ගේ උපකාරයෙනි.
ලන්ඩන් සංස්කෘතිය වැලඳගත් ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ ආරම්භක නායකයන් සියලුදෙනාම සංස්කෘතික අක්මුල් සිඳගත්තවුන් වශයෙන් හැඳින්විය යුතුය. සමාජවාදයක් ගැන කියමින් වේදිකා දෙදරවුවද ඔවුන් බොහෝදෙනා කටින් බතල හිටවූවන් බව තහවුරු වන චිරප්‍රකට සිද්ධි එක්රැස් කල හොත් වම සැබෑ දේශපාලන මාර්ගයක් යයි සිතා තවමත් වමේ පක්ෂ පසු පස හඹා යන තරුණ තරුණියන්ගේ නුවණැස පාදන ඥාණ කෝෂයක් වන්නේය. ඇමරිකාව භංග කරමුයි වේදිකා සැලූ පැරණි සමසමාජ සහ කොමියුනිස්ට් නායකයන්ගෙන් සීයට අනූ අටක ගේ දූ පුතුන් අධ්‍යාපනය සඳහා යවා ඇත්තේ ඇමරිකාවට හෝ බටහිර යුරෝපයේ හෝ රටකටය.ඔවුන්ගෙන් සීයයට හැත්තෑ පහක් පමණ ඇමරිකාවේ හෝ එංගලන්තයේ පුරවැසිකම් ලබා ගෙන සිටිති.
සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් දේශපාලනය කල ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සිය අත්දැකීම් ඇසුරින් ලියූ ලිපි සමසමාජකාරයන්ගේ අන්තිම සටනත් සමාජවාදයත් පිළිබිඹු කරන කැඩපතක් වැනිය.
“යම් හෙයකින් හමුදා යොදවා කම්කරුවන්ට වෙඩි උණ්ඩ එල්ල කිරීමට අගමැති ඉදිරපත් වුවහොත් එකා මෙන් නැගිට සටන් කරමු. ඉහත සඳහන් ප්‍රකාශය කළ පුද්ගලයා කවරෙක්ද? ඔහු එසේ මෙසෙ කෙනෙකු නොව තව ටික දිනකින් මේ රටේ නායකත්වය කර ගසාගෙන ගොවි කම්කරු ආණුඩුවක් පිහිටුවීමට තනන නව ලංකා සමසමාජ පක්ෂයේ අසහාය නායක ඇන්. ඇම්. පෙරේරා පඬිතුමාය.
කම්කරුවනි එක්වව්..ආචාර්ය තුමාත් සමඟ සටන් බිමට වැද සටන් කරව්.. යන උද්ගෝෂණය මහ ජනයා විසින් නැගිය යුතු අවස්ථාව මෙයයි..එහෙත් මෙයට පොඩි කොස්සක් පරහට හිට ඇත. ඩී. ඇස්. සේනානායක මහතා අගමැති පදවිය උසුලද්දී 1947 වර්ෂයේ පැවති රජයේ සේවකයන්ගේ මහා වැඩවර්ජනය නොමළ මිනිසුන්ට තවමත් මතක ඇත. ඒ මහා වැඩ වර්ජනයේදී එදා රජය බිඳ දැමීමට ඔන්න මෙන්න කියා තිබුනි. ආචාර්ය පෙරේරා පඬිතුමා එදා වැඩ වර්ජනය කර සිටි කම්කරුවන් රුගෙන කොලොන්නාව කරා පෙළපාලියක් ගියේය. පොලිසසිය මේ පෙළපාලියට හරස් කැපීය.මෙහි ප්‍රථිපලයක් වශයෙන් පොලිස් වෙඩි පහරකින් මිය ගියේ ආචාර්ය පඬිතුමා නොව අහංසක දෙමළ ලිපිකරුවෙකු වන කන්දසාමි මහතාය. ලිපිකරුවෙකු වන කන්දසාමි මහතා පොලිසියේ වෙඩි පහරට ලක්ව මහ මග මිය ගියේය. මහා නායකයාට කම්බිවැටකට ඔබ්බේ කීර කොටුවක තිබූ ගෙය එදා පිහිට වූ අන්දම පෙළපාලි ගිය රජයේ සේවකයන්ට තවම අමතක නැත.
ගාල්ලේ පැවති රැස්වීමකදී පොලිසිය හා ඇතිවූ ඝට්ටනයකදී එකා මෙන් සටන් බිමට වැදී මිය යන තුරුම සටන් කිරීමට ගුගුම් දෙන මහා වීරයන් ගාලු පිට්ටනියේ සිට කොටු පවුර දක්වා කලිසම අමුඩය ගසා ලෙන දිවූ අන්දම ගාලු වැසියෝ අදත් කතා කරති. රජමල් වත්තේ සිද්ධියකදී කකුල් දෙකට පිං දිදී දිවීමෙන් සටන ජයගත් අවස්ථා වෘතීය සමිති ව්‍යාපාරයේ දක්නට නැත්තේද නොවේ. එකා මෙන් සටන් කොට එක ගොඩේ මිය යමු යයි කීම එකකි. එසේ කිරීම තවත් එකකි. මේ රටේ ප්‍රගතිශීලී කිසියම් ව්‍යාගපාරයකදී හො සටනකදී වෙඩි උණ්ඩයට මුහුණ දුන් කෙනෙක් ඇත්නම් පීඩිත පංති ජනතාවගෙන් නැග ආ පීඩිත බවේ වේදනාවෙන් මිරිකී ගිය අසරණ කම්කරුවෙකු විනා කලිසම් අඳින නායකයෝ නොවෙති. මෙරට කම්කරුවා වෙනුවෙන් දිවි පිදීමට ප්‍රතිඥා දුන් නායකයන් ඒ ප්‍රතිඥාව ඉටු කරන ලද නම් ඔවුන් සිය දහස් වාරයක් මැරි මැරි ඉපද සිටින්නන් විය යුතුය.
ලංකාවේ කම්කරුවෝ වාසනාවන්තය. නියම මාර්ගෝපදේශකත්වය දෙන කම්කරු නායකයෝ ඔවුන් වෙනුවෙන් දිවි පවා පූජා කිරීමට , එකාමෙන් සටන් බිමට වැටී මැරීමට සූදානමින් සිටිති. ආදර්ශමත් පුද්ගලයෝ ඇත්තේන්ම දුර්ලභය . එහෙත් එකක් කිව යුතු වෙයි.මෙරට කම්කරු නායකයෝ කම්කරුවන් වැඩ වර්ජන වලට පොළඹවත්. එහෙත් ආචාර්ය කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා වැනි උදවිය වැඩවර්ජනය කල එකම දවසක්වත් මෙරට කම්කරු ඉතිහාසයේ දැන ගන්නට නැත.වැඩ වර්ජනයේ යෙදෙන අසරණ කම්කරුවොත් වෙළඳ සේවකයාත් කාර්යාල වල අගු අයිනේ අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි දුක් විඳිද්දී ගිනි කන නීතීඥයෝ උසාවියේ මුදල් උපයති. කම්කරුවෙකු මාස තුනට උපයන මුදල ගිනිකන්නෝ මිනිත්තු පහෙන් උපයති. කම්කරුවන් වැඩ වර්ජනයට පොළඹවන්නෝ ධනපතීන්ගේ නඩුවලට පෙනී සිට ධනපතීන් ගලවා ගනි.
ධනපතියන් සතු හැමදෙයක්ම පාලනය කරන්න කියන ආචාර්ය ද සිල්වා වැනි නීතීඥයන් ගාස්තු පාලනය කල යුතුයැයි කියන දිනය කවදාද යන්න කම්කරුවන් විසින්ම දැන් ඇසීමට පටන් ගෙන තිබේ. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට- දුසිරිත දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි යන්න අද කම්කරු නායකයෝ නොදනිත්.
සිංහල බෞද්ධ වෙළඳුන්ට හා නායකයන්ට වෛර කිරීම මාක්ස්වාදයෙන් සිත්පුරවාගත් පැරණි වමේ නායකයන්ගේ පොදු ලක්ෂණයක් විය. ඉඩ ලද හැම විටම බණ්ඩාරණායක ආණ්ඩුවලට හේත්තු වූ ඔවුහු උප්පරවැට්ටි ක්‍රියාත්මක කරමින් බස් ජනසතු කිරීම , ගුණසේන සමාගමේ පාසාල් පොත් මුද්‍රණය රජය යටතට ගැනීම, දවස ආයතනයට සීල් තැබීම වැනි ක්‍රියාවන්හි නියැළී සිංහල වෙළඳුන්ගේ ශක්තිය වඳ කලහ. ලොකුම අපරාධය පිලිප් ගුණව්ර්ධන ඉදිරිපත්කල කුඹුරු පනතයි.
Post Comment
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment